Sri Lanka
විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 578ක් අත්අඩංගුවට
25 | 2026-01-20 04:55 PM
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (19) සැකකරුවන් 578ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,504ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් ප්‍රමාණය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 16ක් හඳුනාගත් බවත් විවෘත වරෙන්තුකරුවන් 282ක්ද අත්අඩංගුවට ගත් බවය. තවද මෙම සෝදිසි මෙහෙයුමේදී විවෘත වරෙන්තුකරුවන් 177ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 427ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 6 ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ. තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,384කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ