Sri Lanka
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මාලදිවයිනේ දී අත්අඩංගුවට
29 | 2026-01-20 04:58 PM
මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයක් මත මෙම පුද්ගලයින් දෙදෙනාව පසුගිය 18 වනදා අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය තහවුරු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මැදතලාවේ කන්කනමලාගේ තිලක් සෝමචන්ද්‍ර සහ 46 හැවිරිදි දේවානිතිගේ ප්‍රියන්ත සිල්වා යන දෙදෙනාවය. ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 15 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගිය 9 වනදා මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඇති වූ ගැටුමකින් පසුව මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාව එරට පොලීසිය විසින් උපදෙස් ලබා නිදහස් කර තිබුණි. නමුත් නැවතත් ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ