Sri Lanka
ෂැංහයි නුවරට වාර්තාගත හිමපතනයක්
37 | 2026-01-20 04:59 PM
චීනයේ ෂැංහයි නුවරට වාර්තාගත හිමපතනයක් සිදුව තිබේ. අධික ශීත කාලගුණ තත්ත්වයත් සමග මෙම හිමපතනය සිදුව ඇති අතර මේ හේතුවෙන් නගරයේ ඇතැම් මාර්ග වසා දැමීමට ද සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2018 වසරේ ජනවාරි මාසයට පසුව ෂැංහයි නුවරට මෙවැනි හිමපතනයක් සිදුවු පළමු අවස්ථාව මෙය බව සඳහන්ය. අධික ශීත කාලගුණ තත්වයෙන් චීනයේ ප්‍රාන්ත 12කට පමණ බලපෑම් එල්ල වී ඇති අතර හිම පතනයත් සමග රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ