Sri Lanka
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ඇරඹෙයි
53 | 2026-01-20 05:01 PM
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් ආරම්භ වෙයි. පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි මස 5වනදා සිට 9වනදා දක්වා දක්වා ක්‍රියාත්මක වු අතර 'දිට්වා' සුළි කුණාටුවත් සමග උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග හේතුවෙන් ජනවාරි 10වනදා සිට අද දිනය දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දීම සිදුවුණි. ඒ අනුව හෙටින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු මස 02 වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දීම සිදුවෙයි. කෙසේවෙතත් රාමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල්වලට පෙබරවාරි 14 වනදා සිට මාර්තු මස 22 වන දින දක්වා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ