Sri Lanka
රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්
19 | 2026-01-21 07:59 AM
රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වා දී තිබේ. මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන සඳහා විශේෂිත ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් නිකුත් කෙරෙන අතර එමගින් දිවයින පුරා පිහිටි ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම පද්ධතිය හඳුන්වාදීමේ අරමුණ වී ඇත්තේ රජයේ වාහන සඳහා ඉන්ධන බෙදා හැරීමේදී සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, දැනට පවතින ලිපි ලේඛන කටයුතු සීමා කරමින් කාලය ඉතුරු කිරීම රාජ්‍ය ආයනයකම ඉන්ධන භාවිතය පිළිබඳව නිවැරදිව නිරීක්ෂණය කිරීමට සහ වාර්තා තබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේය. එමෙන්ම මෙම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා රාජ්‍ය සම්පත් වඩාත් විධිමත්ව කළමනාකරණය කිරීමටත්, ඉන්ධන නාස්තිය අවම කරමින් ජාතික ආර්ථිකයට සහාය වීමටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අපේක්ෂා කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ