Sri Lanka
වෙඩික්කරුවෙක් සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි
18 | 2026-01-21 08:07 AM
වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පසුගිය 09 වනදා දෙහිවල හෝටලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුගේ Al තාක්ෂණය ඔස්සේ සකස් කර ඡායාරූපයක් පොලීසිය විසින් යොමු කර තිබේ. විමර්ශනයේදී සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව එම Al ඡායාරූප නිර්මාණය කර ඇත. ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 09 වනදා දෙහිවල පොලිස් වසමේ දීය. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ස්ථානාධිපති, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය - 071-8596408

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ