Sri Lanka
වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 120ක් මරුට
20 | 2026-01-21 08:38 AM
මෙම වසර ආරම්භයේ සිට පෙරේදා (19) දිනය දක්වා මාර්ග රිය අනතුරු 113ක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි. ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ එම අනතුරුවලින් පුද්ගලයින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එමෙන්ම මෙම අනතුරුවලින් පුද්ගලයින් 216ක් බරපතළ තුවාල ලබා ඇතැයිද සුළු අනතුරු 490ක්ද වාර්තා වී ඇති බවත් පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඉන් අලාභ හානි 159ක්ද වාර්තා වී ඇති බවය. මෙම අනතුරුවලින් වැඩි වශයෙන් පදිකයින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එම ගණන 33ක් ලෙස වාර්තා වී ඇති බවය. එමෙන්ම යතුරුපැදි අනතුරු 45ක් සහ පසුපැදිකරුවන් 7ක් ද මෙම අනතුරුවලින් මියගොස් ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ