Sri Lanka
අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට
27 | 2026-01-21 08:50 AM
ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ ටයිබීරියස් පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 43ක අයෙකි. ඔහුට එරෙහිව නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීම සහ නීතිවිරෝධී ආකාරයෙන් විදේශීය පදිංචිකරුවෙකු ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඊශ්‍රායල පොලීසිය සඳහන් කරයි. ඊශ්‍රායල පොලීසියේ ජාත්‍යන්තර අංශය වන ඉන්ටර්පෝල් ශාඛාව පවසන්නේ, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයාට එරෙහිව නීතිය අනුව දැඩි පියවර ගනු ලබන බවය. 2023 සැප්තැම්බර් මස 7 වැනි දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට පෙර, ඊජිප්තුව, ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර ක්‍රියාත්මක වූ මිනිස් ජාවාරම් ජාල මඟින් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් අනවසරයෙන් ඊශ්‍රායලයට රැගෙනවිත් තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව දේශසීමා ආරක්ෂාව දැඩි කිරීමත් සමඟ එම මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇති බවද සඳහන් වේ. ඊශ්‍රායල රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමට අවස්ථාව සලසා දී ඇති පසුබිමක, මිනිස් ජාවාරම්කරුවන් මඟින් අනවසරයෙන් එරටට ඇතුළු වීමට උත්සාහ කිරීම ඉතා අවදානම් සහ ජීවිතයට බරපතළ තර්ජනයක් වන ක්‍රියාවක් බව අවධාරණය කෙරේ. විශේෂයෙන් යුධමය තත්ත්වයක් පවතින මෙවන් අවස්ථාවක, කාන්තාර ප්‍රදේශ හරහා දේශසීමා අනවසරයෙන් හරහා යාම මගින් තම ජීවිතය පරදුවට තබා ගැනීමක් සිදු වන බැවින්, මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත්, මෙවැනි අනවසර ගමන් සඳහා උත්සාහ නොකරන ලෙසත් මහජනතාවට දන්වා සිටී

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ