Sri Lanka
විදෙස්ගත අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු මාට්ටු
24 | 2026-01-21 09:01 AM
ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) රාත්‍රී කාලයේදී මීගලෑව පොලිස් වසමේ සියඹලන්ගමුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මීට පෙර අවස්ථාවකදී ද ටී56 වර්ගයේ අවියක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. මොහු විදෙස්ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවට අනාවරණය වී ඇති බව වාර්තා වෙයි මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ