Sri Lanka
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු අද
28 | 2026-01-21 09:06 AM
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සිදුකිරීමට නියමිතව තිබේ. ඒ වාද්දුව වේරගම පොදු සුසාන භුමියේදී සවස 4ට ය. නන්දන ගුණතිලක මහතාගේ දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද එය භූමදානය කිරීමට තීරණය කළ බව ඒ මහතාගේ නැඟණිය වන මංගලා කරුණාතිලත මහත්මිය පැවසුවාය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වනදා අලුයම අභාවප්‍රාප්ත වුණි. මිය යන විට නන්දන ගුණතිලක මහතා 63 වන වියේ පසුවුණි. 1962 වසරේ සැප්තැම්බර් 7 වනදා පානදුර ප්‍රදේශයේදී උපත ලැබූ නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන සාමාජිකයකු වේ. 1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද ඔහු ඉදිරිපත් වුණි. 2009 වසරේදී එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ සංචාරක අමාත්‍ය ධූරයේද වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධූරයේ ද නන්දන ගුණතිලක මහතා කටයුතු කරනු ලැබීය. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය හරහා සිය දේශපාලන කටයුතු සිදුකළ ඔහු එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ සභාපති ධූරයේද කටයුතු කරනු ලැබීය. වත්මන් රජය විසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව නන්දන ගුණතිලක මහතා අවස්ථා ගණනාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකර තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ