Sri Lanka
නේපාල අගමැති සටනට ආ රැප් ගායකයා
28 | 2026-01-21 10:27 AM
නේපාලයේ කත්මණ්ඩු අගනුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ බලේන්ද්‍ර ෂාහ් ඉදිරි මහා මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී තිබේ. බලේන් ලෙස ප්‍රකට බලේන්ද්‍ර එරට හිටපු රැප් ගායකයෙකි. හිටපු අගමැතිවරුන් වන ෂර්මා ඕලි සහ පුෂ්ප කමල් දාල් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් ව සිටී. ජන අරගලය නේපාලයේ පැවති රජය පෙරළා දැමුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. එරට හිටපු අගමැති KP ෂර්මා ඕලි ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, හිටපු අගවිනිසුරු සුෂිලා කර්කි එරට වත්මන් වැඩබලන අගමැතිවරයා ලෙස කටයුතු කළේය. මෙවන් පසුබිමක ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන බවට හිටපු රැප් ගායකයෙක් ලෙස ප්‍රකටව සිටි කත්මණ්ඩු නගරාධිපති බලේන්ද්‍ර ෂාහ් මේ වනවිට නිවේදනය කර තිබේ. බලේන් ලෙස තරුණ ප්‍රජාව අතර පවා ප්‍රකටව සිටින 35 හැවිරිදි බලේන්ද්‍ර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ රාශ්ට්‍රීය ස්වතන්ත්‍රා පක්ෂයෙන්ය. ඒ අනුව කත්මණ්ඩු නගරාධිපති ධුරයෙන් ඉවත්ව සිය අපේක්ෂකත්වය නිවේදනය කළ අවස්ථාවට විශාල පිරිසක් ද එක්ව සිටියේය. මෙම උත්සවය පැවැත්වුණේ ගිනිකොනදිග මධේෂ් ප්‍රාන්තයේ ජනක්පූර් හිදීය. බලේෂ් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඉන්දියානු දේශසීමාසන්නයේ පිහිටි ජපා 5 කලාපයෙන්ය. මැතිවරණයේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස හිටපු අගමැති ෂර්මා ඕලි සහ පුෂ්ප කමල් දාල් ඉදිරිපත්ව සිටී. නේපාල මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස 5 වැනිදාය

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ