හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසින් (11) පිටව ගියේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් පිටව යෑමමේ අවස්ථාවට අති විශාල පිරිසක් එක්ක සිටියහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසින් (11) පිටව ගියේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් පිටව යෑමමේ අවස්ථාවට අති විශාල පිරිසක් එක්ක සිටියහ.
ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) දින වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර පසුගිය (10) දිනයේ පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේ ය.
ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් (11) දහවල් 1.20 ට පමණ විජේරාම නිවසෙන් තංගල්ල කාල්ටන් නිවස බලා පිටත්ව ගියේ ය. ඒ දැවැන්ත රථ පෙළ පාලියකින්ය.
ඊයේ (11) සවස 4.00ට කාල්ටන් නිවස අසල ඒ මහතා පිළිගැනීමේ උත්සයක්ද සංවිධානය කර තිබුණි.
ඒ මහතා විජේරාම නිවසට පැමිණි පාක්ෂිකයින් හිතවතුන් සමඟ සුහඳ කතා බහ ක නිරත වූ අතර පැමිණි සිටි සියලුම පිරිස් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අතර සෙල්පි ඡායාරූප ගනිමින් සතුටින් සියලු දෙනා එක්ව කතා කරමින් සිටිනු දැකිය හැකි වූහ. සමහර පාක්ෂිකයන් කඳුළු සලමින් සිටිනු දැකිය හැකි වූහ.
හිටපු ජනපති හිතවත් පාක්ෂිකයන් සමඟ කීවේ,
මම යන්නේ සතුටින්. මට මේක එතරම් ගානක් ඇති දෙයක් නො වෙයි. මම ඉතිං නැවතත් කොළඹ යනවා... එනවා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
පැමිණි සිට පිරිස් ජය ඝෝෂ ප්‍රිතී ඝෝෂා කරමින් විජේරාම සිය නිවසේ සිට මඟ දෙපස සිට හා වාහන පෙළ පාළිය එක්ක පසු ගමන් කරමින් හිටපු ජනාධිපතිවරයාට සුභ පතනු දැකිය හැකි වූහ.
එදත් අපේ නායකයා අදත් අපේ නායකයා. රට බේරා ගත් අපේ නායකයා. කාට කාටත් නිදහසේ ජීවත් වන්නට දේශපානය කරන්නට අවස්ථාව සකස් කර දුන් අපේ කාලයේ නායකයා. අපේ අප්පචි ට ජය වේවා. අපේ නායක තුමාට ජය වේවා. අපි ඔබ තුමා සමඟයි. අපි ඔබතුමාට ගරු කරනවා ආදරයෙි . අපේ මහින්ද මහත්තයට ජය වේවා කියමින් මහා ජනතාව එතුමාට ආචාර සමාචාර කරමින් වැඳ නමස්කා කරමින් ඊයේ (11) දින පෙරවරවේ සිට දවහල් 1.30 පමන වන තෙක් රැඳී සිටිනු දැකිය හැකි වූහ.
රමේෂ් පතිරණ, සී බී රත්නායක, ජෝන්න්ටන් පුනාන්දු, පියල් නිශාන්ත, මර්වින් සිල්වා, චාමර සම්පත්, දිලිප් වෙදආරචිච්, සංජීව එදිරිමාන්න මහින්ද අමරවීර ඇතුල් විශාල හිටපු මන්ත්‍රීවරු සංවිධායකයන් සුභ පතන්නන් ආදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටනු දැකිය හැකි වූහ.
<div><br></div>