Sri Lanka
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
25 | 2026-01-21 01:21 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙලෙස නම්කර ඇත. දෙරට අතර එක්දින තරගාවලිය පෙබරවාරි 22, 24 හා 27 දිනවල පැවැත්වෙන අතර, එම තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය 1. චරිත් අසලංක - නායක 2. පැතුම් නිස්සංක 3. කමිල් මිෂාරා 4. කුසල් මෙන්ඩිස් 5. සදීර සමරවික්‍රම 6. පවන් රත්නායක 7. ධනංජය ද සිල්වා 8. ජනිත් ලියනගේ 9. කමිඳු මෙන්ඩිස් 10. දුනිත් වෙල්ලාලගේ 11. වනිඳු හසරංග 12. ජෙෆ්රි වැන්ඩර්සේ 13. මහීෂ් තීක්ෂණ 14. මිලාන් රත්නායක 15. අසිත ප්‍රනාන්දු 16. ප්‍රමෝද් මධුෂාන් 17. එෂාන් මාලිංග

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ