Sri Lanka
සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා භාරයට
23 | 2026-01-21 01:24 PM
නීතිවිරෝධීව ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමග ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ, ඊයේ (20) රාත්‍රී කාලයේ, මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය. මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ