Sri Lanka
පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
24 | 2026-01-21 01:29 PM
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පත පසුගිය 2025.12.05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026.01.07 වන දින විවාදයට ගෙන පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත, 2021 අංක 11 දරන මුල් පනත සංශෝධනය කිරීමේ අරමුණින් ගෙනන ලද අතර, එහිදී අක්වෙරළ බැංකු කටයුතු සහ බදු අනුකූලතාවය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණය වැඩිදියුණු කිරීමටත්, උපාය මාර්ගික වැදගත්කමේ ව්‍යාපාර (BSI) සඳහා වන නිර්ණායක තවදුරටත් සංශෝධනය කර පැහැදිලි කිරීම අරමුණු කර ඇත. මෙම සංශෝධ පනත මගින් කලාපය තුළ මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වඩාත් දැඩි අධීක්ෂණයක් හඳුන්වා දෙන අතර, විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අක්වෙරළ බැංකු කටයුතු නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලබාදීම සිදුවේ. තවද මෙම පනත මගින් වරාය නගරයේ ආර්ථික රාමුව ගෝලීය බැංකු අවශ්‍යතා සහ ජාතික මූල්‍ය ස්ථායිත්ව ඉලක්ක සමඟ සමපාත කරනු ඇත. ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත , 2026 අංක 01 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ