Sri Lanka
කාන්තාවක් බිය ගන්වා මුදල් කොල්ලකෑ පුද්ගලයෙකුට වැඩවරදී
56 | 2026-01-21 02:47 PM
කාන්තාවක් බිය ගන්වා රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මස 15 වන දින මිල්ලණිය පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් වාර්තා වී ඇති අතර, අපරාධය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20) කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වාද්දුව පොලිස් වසමේදී අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු, යතුරුපැදියක් හා කොල්ලකන ලද මුදලින් රුපියල් හාරලක්ෂ අනූ දහසක 490,000/= මුදලක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවරුදු 44ක් වන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.‍ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ