Sri Lanka
වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක්
23 | 2026-01-21 02:59 PM
වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක් ලැබී ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි. එම පැමිණිලිවලින්, පැමිණිලි 94ක් සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් විමර්ශන සිදුවෙමින් පවතින අතර පැමිණිලි 95ක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන අවසන් වී ඇති බව පරිසර අමාත්‍යංශය පෙන්වා දෙයි පරිසර අමාත්‍යංශයේ “වනස්පති” ජාතික වැඩසටහන යටතේ හඳුන්වාදුන් “වනසුරැකුම – ඒකාබද්ධ මෙහෙයුම් විමර්ශන මධ්‍යස්ථානයේ” 1995 කෙටි දුරකතන අංකය ක්‍රියාත්මක කර මේ වන විට මාස දෙකක් ගතව ඇති අතර, එම කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි. මෙම පැමිණිලි, වනාන්තර හානි, වනජීවීන්ට සිදුකරන නීතිවිරෝධී ක්‍රියාවන්, කඩොලාන හා තෙත්බිම් ගොඩකිරීම්, වන රක්ෂිත ප්‍රදේශ හෙළි පෙහෙළි කිරීම්, වනාන්තරවල සිදු කෙරෙන විවිධ අපරාධ ඇතුළු සිද්ධීන් රැසකට අදාළව වාර්තා වී ඇත. මෙම පැමිණිලි අතරින් වැඩිම සංඛ්‍යාවක් මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවද සඳහන් වේ. 1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ පැමිණිලි පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (20) දින පරිසර අමාත්‍යංශයේදී, පරිසර අමාත්‍යතුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ, වනජීවී සහ වනාන්තරවලට සිදුවන අපරාධ පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද පරිසර අමාත්‍යංශය අවධාරණය කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ