Sri Lanka
අක්කරපත්තු රෝහලේ GMOA ආරම්භ කළ වැඩ වර්ජනය අසාධාරණයි - ඇමති නලින්ද
26 | 2026-01-21 04:26 PM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අක්කරපත්තු මූලික රෝහලේ ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ සාධාරණ එකක් නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී, රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා විසින් මේ සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමවන, අක්කරපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය අයි.එම් ජවහයිර් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම, මූලික විමර්ශන අවසන් වනතුරු අමාත්‍යංශයට ගත හැකි තීරණයක් නොවන බවය. "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ ඉල්ලීම මොකක්ද, ඒ ඉල්ලීම තියෙන්නේ දැනට අක්කරපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස කටයුතු කරන වෛද්‍ය අයි.එම් ජවහයිර් මහතා තනතුරෙන් ඉවත් කරන්න කියන ඒක. ඒ ඉල්ලීම සාධාරණ ද කියලා අහන්නේ. ඇත්තටම කතානායකතුමනි අපි දැන් විමර්ශන කටයුතු කරගෙන යනවා. මේ පත්වීම ලබා දී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය සහිතව. විමර්ශන වලින් ඔහු වැරදිකරුවෙක් වුනොත් ඔහු සම්බන්ධයෙන් අමාත්‍යංශයට තීරණයක් ගන්න පුළුවන්. නමුත් එහෙම විමර්ශන පවතින කාලය තුලදී අමාත්‍යාංශයට ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න හැකියාවක් නෑ. මොකද ඊට පස්සේ අමාත්‍යංශයේ තීරණ ගත්ත නිලධාරීන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. සමහර විමර්ශන ගොනු වහලා දාලා තියෙනවා ඔහුට අවවාද කරලා මීට අවුරුදු ගානකට කලින්. ඇත්තටම මේක නැගෙනහිර පළාතේ ඒ ජනතාව පීඩාවට පත් කරමින් වෛදය අධිකාරිවරයා ඉවත් කිරීමට කරන මේ වැඩ වර්ජනය අසාධාරණයි කියලා මට කියන්න පුළුවන්."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ