Sri Lanka
නොවැම්බරයේ පහළට ගිය උද්ධමනය දෙසැම්බර්වල ඉහළට
55 | 2026-01-21 04:27 PM
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත්කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුව ඇත. අදාළ වාර්තාවට අනුව ඉකුත් නොවැම්බර් මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 2.9%ක් දක්වා වැඩි වී තිබේ. එමෙන්ම නොවැම්බර් මාසයේ දී 3.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 4.4% ක් දක්වා වැඩි වී ඇත. ඊට අමතරව නොවැම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා වැඩි වී තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ