Sri Lanka
මඩකලපුවේ ඩෙංගු රෝගය ඉහළට
24 | 2026-01-22 08:25 AM
ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රදේශයේ වැටලීම් රැසක් මේ වනවිට සිදුකර ඇත. නිවාස 400කට වැඩි ගණනක් ද මේ වනවිට පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී එම ප්‍රදේශයේ සිනමා ශාලාවකින් ඩෙංගු කීටයන් හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ චිත්‍රපට ශාලාවට එරෙහිව නඩුවක් පවරා ඇත. මේ අතර ඩෙංගු උණ පැතිරීමේ ප්‍රවණතාවක් ඇති නිවාස හිමිකරුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. බොහෝ ස්ථානවල නඩු පවරා රතු අනතුරු ඇඟවීමේ පත්‍රිකා ඇලවීමට ද කටයුතු කළ බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ