Sri Lanka
අයියා හැප්පී මියගිය ටිපර් රථයට මල්ලිත් හැප්පෙයි
21 | 2026-01-22 08:27 AM
තම වැඩිමහල් සහෝදරයා අනතුරට ලක්ව මියගිය ටිපර් රථයට ඔහුගේ බාල සහෝදරයාද අනතුරට ලක්වූ ආන්දෝලනාත්මක සිදුවීමක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ. කිලිනොච්චියේ වැලි ජාවාරමට සම්බන්ධ වූවන් පාවා දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් මාසයේදී වැලි ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන ටිපර් රථයක ගැටී මරණයට පත්ව ඇත. එම අනතුර සම්බන්ධ නඩුව මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතී. කෙසේ නමුත් පොලීසිය භාරයේ තිබූ එම ටිපර් රථය නිදහස් කර වෙනත් රථයක ආධාරයෙන් මාර්ගයේ ඇදගෙන යමින් සිටියදී, මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයා මෙම අනතුරට ලක්ව ඇත. අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදු නොවුණි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම අනතුර සිතාමතා සිදුකළ අනතුරක් බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ