Sri Lanka
බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවත් කෙරේ ?
31 | 2026-01-22 08:34 AM
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී හැර වෙනත් රටකදී ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට ඊයේ (21) නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ICCය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ රජයටද දැනුම් දී ඇති බව සඳහන්ය. බංග්ලාදේශය ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ICC පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්යෙන් ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අදාළ රැස්වීමෙන් පසු ඡන්දයක් පවත්වා ඇති අතර, එහිදී ආදේශකයෙකු පත් කිරීමට බොහෝ දෙනෙකු පක්ෂව ඡන්දය ලබාදී ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම පිළිබඳ තම ස්ථාවරය දැනුම්දීමට ICCය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනට තවත් එක් දිනයක් ලබා දී ඇති බව සඳහන්. ඒ අනුව බංග්ලාදේශය සිය තීරණය වෙනස් නොකරන්නේ නම්, බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය 'C' කාණ්ඩයේ තරග කිරීමට නියමිතය. මෙවර ලෝක කුසලාන තරගාවලියට යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සුදුසුකම් ලැබූ රටවලින් පසු එහි ඉහළම දක්ෂතා දැක්වූ රට ස්කොට්ලන්තය වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ