Sri Lanka
ට්‍රම්ප් යුරෝපයට එරෙහි තීරුබදු සැලසුම් හකුළා ගනී
32 | 2026-01-22 09:03 AM
ග්‍රීන්ලන්තය පවරා ගැනීමේ සිය සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපානු රටවලට තීරුබදු පැනවීමේ ක්‍රියාවලිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හකුලාගෙන තිබේ. නේටෝ මහලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව Truth සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැත්වූ රැස්වීම ඉතා ඵලදායී එකක් වූ බවත් ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කලාපය සම්බන්ධයෙන් අනාගත සැලසුමක් සකස් කර ඇති බවත්ය. ග්‍රීන්ලන්තය අමෙරිකාවට පවරා ගැනීමේ අභිලාෂයන්ට විරුද්ධ වූ යුරෝපීය ජාතීන්ට එළැඹෙන පෙබරවාරි පළමුවනදා සිට 10%ක නව තීරුබදු පැනවීමක් සිදු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පවසා තිබුණි. සිය Truth පණිවුඩයෙන් ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණේ එම නව තීරුබදු සැලැස්ම ක්‍රියාත්මක නොවන බවය. කෙසේ වෙතත් ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් ද අතිරේක සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ජනපති ට්‍රම්ප් පවසයි. මීට පෙර, ට්‍රම්ප් ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසඳයේ දී පැවසුවේ තමා හමුදා බලය භාවිතා නොකරන නමුත් ග්‍රීන්ලන්ත භූමියේ අයිතිය සුරක්ෂිත කිරීමට අවශ්‍ය බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ