Sri Lanka
නවසීලන්තයේ නායයෑමකින් පිරිසක් අතුරුදන්
35 | 2026-01-22 12:04 PM
නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නවසීලන්ත සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ කඳවුරු භූමියක මෙම නායයෑම වාර්තා වී ඇති බව සඳහන් වේ. ජීවිත බේරාගත් අය සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටියි. පවතින තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධිවීම් ද වාර්තා වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. ඕක්ලන්ඩ් නගරය අවට බොහෝ ප්‍රදේශවලට දැඩි බලපෑම් සිදු ව ඇති අතර කාලගුණ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබී ඇත. ඕක්ලන්ඩ් නගරයට උතුරින් පිහිටි මහුරංගි ගඟේ ජල මට්ටම අවදානම් මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. මාර්ග ද ජලයෙන් යට වී ඇති බැවින් අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් වලින් වැළකී සිටින ලෙස ද දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ