Sri Lanka
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කැපෙන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 4ක්
22 | 2026-01-22 12:11 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ලැබී තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති තවත් පෙත්සමක පිටපතක් තමාට ලැබී ඇති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ප්‍රකාරව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට එදින සිට දින 14ක කාලයක් ලැබී ඇත. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස අග දී පැවැත්වීමට නියමිතය. පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු මන්ත්‍රීවරුන් 512කගේ විශ්‍රාම වැටුප අහෝසි වනු ඇත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ