වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් මුල්කරගෙන කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (21) උදෑසන 8.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්බ කිරීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීහු දැඩි අපහසුතාවකට පත්ව සිටියහ.
රෝහලේ බාහිර රෝගී අංශයන සහ සායනික කටයුතුවල නිරත වන වෛද්‍යවරුන් 120ක් පමණ දෙනා වැඩ වර්ජනයට සහභාගි වී සිටින බැවින් ප්‍රතිකාරයන් මුළුමනින්ම ඇනහිට තිබිණි.
බාහිර රෝගී අංශයට සහ සායනයන් සඳහා දිනපතා රෝගීහු 1500 ට අධික පිරිසක් පැමිණෙන බැවින් ඔවුන් මේ නිසා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට ලක්ව සිටියේ ය.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමිත චක්‍රලේඛයන්ට අනුකූලව ක්‍රියාත්මක කරන වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය මගින් ස්ථානමාරු ඉල්ලුම්කල වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ වසර 10ට ආසන්න කාලයක් රෝහල තුල සේවය කල වෛද්‍යවරුන් හතර දෙනෙකුට ස්ථානමාරු ලබා දීමට සිදුවූ බැවින් එයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් මෙසේ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවයි.
රෝහල තුල අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව 121ක් වුවද මේ වන විට වෛද්‍යවරුන් 125ක් සිටින බැවින් අතිරික්කත වෛද්‍යවරුන් 4 දෙනෙකුට වැටුප් ගෙවීම බරපතල ගැටලුවක් වී ඇති බැවින් මෙම ස්ථානමාරුව නිසි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කළ බවද හෙතෙම කීය.
මෙලෙස ලබා දුන් ස්ථානමාරුවිමට අනුව රෝහලේ කිසිදු ඒකකය කටයුතු බිදවැටීමක් නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පවා කරුණු විමසා මෙම ස්ථානමාරුව ක්‍රියාත්මක කල බවද අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතාගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය විධිමත්ව සිදුකරමින් පවතින අවස්ථාවක අවධිමත් ලෙස වෛද්‍යවරුන්ට ස්ථාමාරු ලබා දීමට කටයුතු කිරීමට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවකි.
වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාරයන් ඒ අයුරින් සිදුකරන බවද හෙතෙම අවධාරණය කළේ ය.
මේ අතර රෝහලේ හෙද හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයින් කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නියමිත චක්‍රලේඛයන්ට අදාළව ලබා දී ඇති වෛද්‍ය ස්ථානමාරුවිම් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසයි.
රෝහල් අධ්‍යක්ෂවරයා නිසිපරිදි රාජකාරිය සිදුකරන අතර ඔහු තනතුරින් ඉවත් කිරීමට රොහල් කිසිසෙත්ම අප අනුපත නොකරන බවත් රෝහලේ හෙද හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයින් 800කට අධික පිරිසක් ප්‍රකාශ කළහ.