Sri Lanka
දකුණු කොරියානු හිටපු අගමැතිට වසර 23ක සිරදඬුවමක්
37 | 2026-01-22 02:29 PM
දකුණු කොරියානු හිටපු අග්‍රාමාත්‍ය හැන් ඩක්-සූ හට වසර 23ක සිරදඬුවමක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දකුණු කොරියානු අධිකරණයක් විසින් ඊයේ (21) මෙම තීන්දුව ලබා දී ඇත. එරට හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට යුද නීතිය ප්‍රකාශයට පත්කර එය ක්‍රියාත්මක කිරීමට ආධාර කිරීම සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් හිමි වී ඇත. කැබිනට් මණ්ඩල හරහා යුද නීතිය නීත්‍යානුකූල කිරීමට ආධාර කිරීම, යුද නීති ලේඛනය ව්‍යාජ ලෙස සකස් කිරීම සහ විනාශ කිරීම වැනි කරුණු සඳහා ද මොහු වරදකරු වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර, එරට හිටපු ජනාධිපති යූන් දැනට සිරගතව සිටින අතර කැරලි චෝදනා ඇතුළුව අපරාධ නඩු අටක් ඔහුට පවතින බව සඳහන් වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ