Sri Lanka
මාතලේ බයික් රේස් පැද්ද පිරිසක් අත්අඩංගුවට‍‍
22 | 2026-01-22 02:30 PM
මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි. එම යතුරුපැදි අතර ව්‍යාජ ලෙස අංක තහඩු වෙනස්කර ධාවනය කළ යතුරු පැදියක්ද මේ අතර වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. යතුරුපැදී ධාවනය කළ පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 23 අතර තරුණයින් බව පොලීසිය කියයි. මේ අතර කොළඹ මාතලේ බස් රථයක රියදුරු බලපත්‍රය නොමැතිව අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය සඳහන් කරයි. මාතලේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශය විසින් මෙම වැටලීම් සිදු කර තිබේ. අදාළ සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ