Sri Lanka
WHO සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාවේ සූදානමක්?
36 | 2026-01-22 02:34 PM
අමෙරිකා එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ඇමරිකාවේත් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් දැඩි බලපෑම් ඇති කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවති. 2025 වසරේ සිය ජනාධිපති ධුරය ආරම්භ වූ පළමු දිනයේදීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් මගින් WHO සංවිධානයෙන් ඉවත් වීමට නිල වශයෙන් දැනුම් දී තිබුණි. එක්සත් ජනපද නීතිය අනුව, එවැනි ඉවත් වීමක් සඳහා වසරක දැනුම් කාලයක් ලබාදිය යුතු අතර, සංවිධානයට ගෙවිය යුතු සියලුම හිඟ මුදල්ද ඉදිරියට ගෙවිය යුතුය. ඒ අනුව, WHO වෙත අමෙරිකාව විසින් ගෙවිය යුතු හිඟ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 260කට අධික බව සඳහන් වේ. ගෝලීය සෞඛ්‍ය අර්බුද කළමනාකරණය කිරීමේදී සහ තොරතුරු හුවමාරුවේදී WHO සංවිධානය දැක්වූ අසාර්ථකතාවයන් හේතුවෙන් අමෙරිකාවට ට්‍රිලියන ගණනක ආර්ථික හානියක් සිදුවූ බව සඳහන්ය. ඒ අනුව, WHO වෙත අමෙරිකානු රජයේ අරමුදල්, සහයෝගිතා හෝ සම්පත් ඉදිරියේදී ලබාදීම නතර කිරීමට ජනාධිපති ට්‍රම්ප් මහතා බලතල භාවිතා කර ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය විශේෂඥයින් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් පෙන්වා දෙන්නේ, ඇමරිකාව WHO වෙතින් ඉවත් වීමෙන් ගෝලීය රෝග නිරීක්ෂණය සහ හදිසි ප්‍රතිචාර ක්‍රමවේදයන් දැඩි ලෙස දුර්වල විය හැකි බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ