Sri Lanka
නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනය අවසන්
25 | 2026-01-22 03:20 PM
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය අද (22)දහවල් 2කට අවසන් කළේය. අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත් එම තනතුර සඳහා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු පත් කරන ලෙසත් ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි. ඒ අනුව මේ වනවිට චෝදනාවන්ට ලක්වූ එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස වර්ජනය අවසන් කර ඇත. මේ වනවිට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට ආරම්භ කරමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ