Sri Lanka
වසර 60කට පසු අලුත්වන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ
23 | 2025-09-13 09:11 PM
දශක ගණනාවකට පසුව කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ වනවිට සූදානම් කෙරෙමින් පවති‍යි. මෙලෙස එම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 60කට පසුවය. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 424කි. පිටකොටුවට පැමිණෙන ජනතාව වෙනුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිවන්නේ 1964 වසරේදී ය. මේ වන විට එහි සිට දෛනිකව ක්‍රියාත්මක වන බස්රථ ගමන්වාර ගණන 1500කට අධික ය. දිනකට දහස් ගණනක් භාවිත කරන, එහෙත් දශක ගණනක් පුරා නිසි නඩත්තුවක් නොකිරීම නිසා එම බස් නැවතුම්පොළ අභාවයට යමින් පවතී. මේ සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් මෙරට බස් නැවතුම්පොළ 50ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට රජය පියවර ගෙන තිබේ. ඒ් යටතේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය එළැඹෙන 15 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ගුවන් හමුදාවේ තාක්ෂණයෙන් වීමත් විශේෂත්වයකි. නව ව්‍යාපෘතිය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතය. ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් වීමට මේ වන විට බස් නැවතුම් පොළෙහි බස් රථ මෙහෙයුම් නතර කර තිබේ. එමෙන්ම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමට අදාළව බස් නැවතුම්පොළ පරිශ්‍රයේ පිහිටි වෙළෙඳසැල් ද එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ