Sri Lanka
ඉන්දුනීසියානු සහ ඕමාන යුද නෞකා කොළඹ වරායට
26 | 2026-01-22 05:04 PM
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් සහ රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ, අද (22) එම නෞකා පැමිණි බවය. ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA – 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙලෙස කොළඹ වරායට පැමිණ ඇත. එම නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදුකර ඇත. Sigma Corvette FS වර්ගයට අයත් මෙම යුද නෞකාව දිගින් මීටර් 90.71ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Annugerah Anurullah කටයුතු කරයි. මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරයි. එමෙන්ම, මෙම සංචාරය දෙරටේ නාවික හමුදා අතර වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීමට සහ අන්තර් මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීමටද දායක වන බවද නාවික හමුදාව පවසයි. මේ අතර, රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාවද සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (22) කොළඹ වරායට පැමිණ තිබේ. එම නෞකාවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය. ‘AL SEEB’ යුද නෞකාව දිගින් මීටර් 75ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කොමාණ්ඩර් Hamad Bin Mohammed Aldarmaki කටයුතු කරයි. මෙම සංචාරය හරහාද දෙරටේ නාවික හමුදා අතර වෘත්තීමය දැනුම හුවමාරුව සහ අන්තර් ක්‍රියාකාරි අවබෝධය වර්ධනය වනු ඇති බව නාවික හමුදාව පවසයි. එමෙන්ම, මෙම යුද නෞකාවේ කාර්ය මණ්ඩලයද මෙරට රැඳී සිටින කාලය තුළ කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීමට නියමිත බව සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ