Sri Lanka
උලපනේ හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
29 | 2026-01-22 05:06 PM
හය ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඉන් පිටත්ව ගොස් තිබේ. එම දෙපාර්තමේන්තුව උන්වහන්සේගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උලපනේ හිමියන් ප්‍රකාශ කළේ, දරුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදු කර ඇති බවය. "මේක නිලධාරින් මට්ටමින් සිදු‌ වෙච්ච වරදක් නෙවෙයි. මේක පැහැදිලිව සැලැසුම්සහගතව කරපු දෙයක්. දරුවන්ට මොඩියුල එකක් හෝ විෂය නිර්දේශයට අදාළ පොතක් ප්‍රින්ට් කරලා එළියට එනවා කියන්නේ, ඉතා දීර්ඝ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ අඩුම ගාණේ දහ පහළොස්වතාවක්වත් ඒ පොත් වගකිව යුත්තන් අතින් පරීක්ෂාවට ලක්වෙනවා. ඒ් නිසා මෙවැනි අත්වැරදීම් ජාතියක් වෙනුවෙන් දරුවන්ට කාගේ හරි තියෙන පහත් වුවමානවෙන් වෙනුවෙන් සිදුවිය යුත්තේම නැහැ. ඒ නිසා මෙය කළ අයට ජාතියේ නාමයෙන් දඬුවම් දිය යුතුයි."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ