Sri Lanka
එක්සත් රාජධානියේ 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්
33 | 2026-01-23 08:03 AM
එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රජයේ පාසල් පනත් කෙටුම්පතට ගෙන ආ සංශෝධනයකට පක්ෂ ඡන්ද 261ක්ද විපක්ෂව ඡන්ද 150ක් හිමිව ඇති අතර, විපක්ෂ ලෝඩ් සාමාජිකයින් මෙම තහනමට සහයෝගය පළ කර තිබේ. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය රජය සඳහන් කරන්නේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ පහළ සභාව වන (House of Commons) කොමන්ස් සභාවේදී අවලංගු කිරීමට උත්සාහ කරන බවය. එමෙන්ම, වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් විසින් වෙනම මහජන උපදේශන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් පවතින බවද රජය පෙන්වා දී ඇත. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, බ්‍රිතාන්‍යයේ දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ සමාජ මාධ්‍ය සමාගම්වල වගකීම පිළිබඳව වැදගත් නව පියවරක් වනු ඇති බව දේශපාලන සහ සමාජ විශ්ලේෂකයින් සඳහන් කරති.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ