Sri Lanka
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
30 | 2026-01-23 08:04 AM
එංගලන්තයට එරෙහිව ඊයේ (‌22) ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ කුසල් මෙන්ඩිස් ඉනිම අවසන්වන විටත් කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 117කින් ලකුණු 93ක් රැස්කිරීමට සමත් විය. ඊට අමතරව මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ ඉවසිලිවන්ත ලකුණු 46ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දු 53කට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසාන් පන්දුවාර කිහිපයේ දී එක්වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 13කින් ප්‍රහාරාත්මක ලකුණු 25ක් රැස්කිරීමට සමත් විය. දුනිත්ගේ ඉනිම හයේ පහරක් හා හතරේ පහර 3කින් වර්ණවත් විය. ඔහු හා කුසල් මෙන්ඩිස් 7වන කඩුල්ලට පන්දු 16කින් නොබිඳුණු ලකුණු 32ක සබඳතාවක් ගොඩනැගූහ. එංගලන්තය වෙනුවෙන් ආදිලි රශීඩ් කඩුලු 3ක් දවාගත්තේය. පන්දුවාර 10ම යොමුකළ ඔහු ඒ වෙනුවෙන් ලකුණු 44ක් ලබාදුන්නේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ