Sri Lanka
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්
24 | 2025-09-13 09:16 PM
වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. එම පෙරහැර අද (13) වීථි සංචාරය කිරීමට නියමිතය. මෙම පෙරහර අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම්වලින් සමන්විත අංග 100 කට ආසන්න ප්‍රමාණයක් පෙළගස්වා ඇති අතර පෙරහැර නැරඹීම සඳහා විශාල බැතිමතුන් පිරිසකගේ පැමිණීම අපේක්ෂා කරනු ලබන බව පොලීසිය පවසයි. එබැවින්, මෙම පෙරහැර අද (13) රාත්‍රී 07.00 සිට හෙට (14) අලුයම 01.00 දක්වා වීථී සංචාරය කරන කාලය තුළ වාද්දුව පොලිස් වසමේ කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී. විකල්ප මාර්ග • කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන පානදුර ඔරලෝසු කණුව අසළින් හොරණ පාරේ අළුබෝමුල්ල හරහා බණ්ඩාරගමට ගොස් බණ්ඩාරගම හන්දියෙන් ඇති දකුණට මොරොන්තුඩුව මාර්ගයේ ගොස් වාඩිය මංකඩ හන්දියෙන් වමට හැරී කළුතර හරහා ගාල්ල දෙසට ගමන් කළ හැකිය. • ගාල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන කළුතර උතුර පොලිස් වසමේ වාඩිය මංකඩ හන්දියෙන් දකුණට ඇති මොරොන්තුඩුව මාර්ගයේ බණ්ඩාරගම දක්වා ගමන් කර බණ්ඩාරගම හන්දියෙන් වමට හැරී අළුබෝමුල්ල හරහා පානදුර දෙසට ගොස් පානදුර ඔරලෝසු කණුව හන්දියෙන් දකුණට හැරී කොළඹ දෙසට ගමන් කළ හැකිය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ