Sri Lanka
ආර්ථිකය නගා සිටුවීමට චීනයේ පූර්ණ සහයෝගය දෙන්න සූදානම් - චීන තානාපති
16 | 2026-01-23 08:10 AM
දිට්වා සුළි කුණාටුවෙන් යම් ප්‍රමාණයකට හෝ අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම උදෙසා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා චීන තානාපති චී වොන් හොංග් පවසයි. තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊ (22) පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදැක සිදු කළ සාකච්ඡාවේදීය. "චීන රජය වර්තමාන ශ්‍රී ලංකා රජය සමඟ ඉතාමත් සම්බන්ධව අනොන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කරනවා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමියද චීනයේ සංචාරය කළා. ශ්‍රී ලංකාවට යම් විපතක් වූ ඕනෑම අවස්ථාවක චීනය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. පූර්ණ සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලීමක් කරා නුවරඑළිය, නුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ආපදාවට පත් වූ පාලම් හා මහ මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා. මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම සඳහා විෂය සම්බන්ධ විශේෂඥයන් 06 දෙනෙකු ලංකාවට ආවා. ඊට පසු දැනගත්තා මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයන්හී බහුතර මහාමාර්ග හා පාලම් මේ වන විට ප්‍රතිසංස්කරණය කොට හෝ ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව. එනිසා ඒ කණ්ඩායම මේ වන විට ලංකාව පුරා හානියට පත් මාර්ග හා පාලම් පිළිබඳ නිරීක්ෂණය කරනවා. අනතුරුව නවීන තාක්ෂණය භාවිතා කොට අදත් ප්‍රතිඵලදායී ආකාරයෙන් මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න චීන රජය කටයුතු කරනවා. ලෝකයේම මහා මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ විශේෂඥ දැනුම ඇත්තේ චීනයට බව කවුරුත් දන්නවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ