Sri Lanka
උපරිම උෂ්ණත්වය රත්නපුරයට
19 | 2026-01-23 08:19 AM
ඊයේ (22) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් ඊයේ දහවල් කාලයේදී වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන්සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.



මේ අතර ඊයේ (22) අලුයම වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊයේ අලුයම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උෂ්ණත්ව අගයන් අනුව මෙය වාර්තා කර ඇති අතර මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය වේ. ඒ අනුව බණ්ඩාරවෙල උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ලේ 15.1ක් ලෙසත්, කටුගස්තොට 15.9ක් ලෙසත් උෂ්ණත්වය සටහන්ව තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ