අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ දී පස් කන්ඩියක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඉදිකිරිම් වැඩ බිමක සේවය කරමින් සිටි තිදෙනෙකු මතට ඊයේ (22) සවස පස් කන්ඩියක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයින් තිදෙනා රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පදියතලාව මොරකැටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක් සහ මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලීසිය පැවසීය.
මියගිය තිදෙනාගේ මළසිරුරු මේ වනවිට අහංගම ග්‍රාමිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
------------------------------------
08:21 PM - පැති බැම්මක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් යටවෙයි
අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී ඇති බව වාර්තා වෙයි.
වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති බව අහංගම පොලීසිය පවසයි.
බැම්මට යටවී සිටි තිදෙනා ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කර තිබේ.