Sri Lanka
බංග්ලාදේශය ICCයට සැරවෙයි
25 | 2026-01-23 08:54 AM
විස්සයි20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ICCය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය චෝදනා කරයි. ඩකාහිදී ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් මේ බව පවසා ඇත. ඔහු පවසන්නේ නිමාවූ 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තරග පාකිස්තානයේ ක්‍රීඩාකිරීමට ඉන්දියාව අකමැති වූ අවස්ථාවේදී, ඉන්දියාවේ ඉල්ලීමට එම තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන ගිය බවය. කෙසේ නමුත් තමන් එළැඹෙන T20 ලෝක කුසලානයේ බංග්ලාදේශයේ තරග පමණක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රැගෙන යන්නැයි කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති පවසයි. එමෙන්ම ඉන්දියාව චැම්පියන්ස් කුසලානයේ තරග එකම ක්‍රීඩාංගණයක එනම් ඩුබායිහිදී ක්‍රීඩා කිරීමට ICCයෙන් වෙනම වරප්‍රසාදය ලබාගත් බවටද හෙතෙම චෝදනා කරයි. ඒ හේතුවෙන් ICCය ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ