Sri Lanka
චාලි කර්ක්ට වෙඩිතැබීමට සැකකරන පුද්ගලයාගේ ඡායාරූප පෙළක් මුදාහැරේ
91 | 2025-09-13 09:18 PM
සාහසික වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වූ චාලි කර්ක්ට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ' ඡායාරූප පෙළක් FBI විසින් මේ වනවිට මුදාහැර තිබේ. මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන අධි බලැති රයිෆලයක් එරට පොලීසිය විසින් මේ වනවිට සොයාගෙන ඇති වුවත්, ඝාතකයා පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇත. 31 හැවිරිදි චාලි කර්ක්, යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් සඳහා එක්ව සිටියදී ඔහුගේ ගෙල ආසන්නයට මෙම සාහසික වෙඩි ප්‍රහාරය එල්ල විය. මෙම වෙඩිතැබීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනුණත්, පසුව ඔවුන් මුදාහැර තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ