Sri Lanka
තහනම මග හැරීම සඳහා TikTok අමෙරිකාව සමග ගිවිසුමක
26 | 2026-01-23 09:04 AM
ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන චීනයේ ByteDance සමගාම සතුව ඇති ටික්ටොක් සමාජ මාධ්‍ය ගිණුම අමෙරිකාවේ බහුතර හිමිකාරිත්වයක් සහිතව ඒකාබද්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ටික්ටොක් යෙදුම එක්සත් ජනපද මෙහෙයුම්වලදී බහුතර කොටස් අමෙරිකානු සමාගම් වෙත අලෙවි කිරීමට එම සමාගම කටයුතු කර තිබේ. අමෙරිකානු ප්‍රමුඛතම සමාගම් තුනක් වන සිල්වර් ලේක්, ඔරකල් සහ එම්ජීඑක්ස් නම් සමාගම් තුනකට 15% බැගින් කොටස් අලෙවි කර ඇති අතර සමාගමේ ඉතිරි කොටස් හිමිකාරිත්වය අමෙරිකාවේ ක්‍රියාත්මක Dell Family Office, Vastmere Strategic Investments, Alpha Wave Partners, Revolution, Meritt Way, Via Nova, Virgo LI, සහ NJJ Capital නම් සමාගම් වෙත අලෙවි කර ඇත. ඒ අනුව ටික්ටොක් යෙදුම අමෙරිකාව තුළ ක්‍රියාත්මක වීමෙදී එහි මෙහෙයුම් කටයුතුවලින් 80.1ක කොටස් අමෙරිකාව සතුව පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර 19.9%ක හිමිකාරිත්වයක් මුල් සමාගම වන චීනයේ ByteDance සමාගම සතුව පවතින බවත් වාර්තා වේ. මෙම ටික්ටොක් යෙදුමේ චීන හිමිකරු වන ByteDance සමාගම එහි මෙහෙයුම් අමෙරිකානු ආයෝජකයින්ට විකිණීමට අපොහොසත් වුවහොත් පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී අමෙරිකාවේ තහනම් කිරීමට නියමිතව තිබුණි. ඒ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් ලබා දුන් තීන්දුවක් මතය. අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 170කට අධික පරිශීලකයින් පිරිසක් විසින් භාවිත කරන මෙම යෙදුම මගින් එරට ජාතික ආරක්ෂාව සම්බන්ධව ගැටලු ඇති බවත් දත්ත රසහස්‍යතාව සහ සයිබර් ආරක්ෂණ ගැටලු ඇති බවටත් මින් පෙර චෝදනා එල්ල වී තිබුණි. නමුත් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ ByteDance සමාගම සඳහන් කළේ සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ස්වාධීන බවත් චීන රජය සමග දත්ත හුවමාරුවක් සිදු නොවන බවත්ය. මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ට්‍රම්ප් නිවේදනය කළේ අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදුම ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ගිවිසුමක් ඇති කරගත් බවත්ය. අමෙරිකාව තුළ මෙම ගැටලුවට ප්‍රධානම හේතුව වී ඇත්තේ ටික්ටොක් හී පවතින ඇල්ගොරිතමය වන අතර එය පරිශීලකයින්ගේ මනාපයන් සහ හැසිරීම් මත පදනම්ව ක්‍රියාත්මක වේ. කෙස් වෙතත් නව ක්‍රියාවලිය තුළ එක්සත් ජනපද පරිශීලක දත්තවල අන්තර්ගත නිර්දේශ ඇල්ගොරිතම නැවත පුහුණු කිරීම, පරික්ෂා කිරීම සහ යාවත්කාලීන කිරීම සිදු කෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ