Sri Lanka
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන බස් රියදුරන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ
28 | 2026-01-23 09:08 AM
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයින් හඳුනා ගැනීම සඳහා පසුගිය 21 වැනිදා ආරම්භ කළ ජංගම රසායනාගාරය මගින් පරීක්ෂා කළ බස් රියදුරන් 56 දෙනෙකුගෙන් 10 දෙනෙකුම විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. පසුගිය 21 වැනිදා මෙම ජංගම රසායනාගාර පරීක්ෂාව කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළේදී ආරම්භ වූ අතර එහිදී අහඹු ලෙස තෝරාගත් රියදුරන් 56 දෙනා අතුරින් 10 දෙනෙකු මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිව තිබේ. මෙලෙස හඳුනාගත් බස් රියදුරන් 10 දෙනා අයිස්, හෙරොයින්, ගංජා යන විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මූලික මුත්‍රා සාම්පළ පරීක්ෂාවේදී තහවුරු වූ බවත් ඒ අනුව අදාළ රියදුරන් ඉදිරි නෛතික කටයුතු සඳහා යොමු කළ බවත් අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා පැවසුවේ අහඹු ලෙස තෝරාගන පරීක්ෂා කළ මෙම මෙහෙයුම මගින් බස් රථ රියදුරන් 10 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළි වීම සංකීර්ණ තත්ත්වයක් බවය. තවද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රියදුරන් විවිධ සන්නිවේදන ක්‍රමවේද භාවිත කරමින් මාර්ග මගහැර පරීක්ෂණවලට භාජනය වීමෙන් වැළකීමට උත්සාහ දැරීම නිරීක්ෂණය වූ බවත් ඒ හේතුවෙන් බස් හිමියන් සහ ජනතාව වැඩි අවධානයක් ලබා දෙමින් මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කිරීමට දායකත්වය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම බස්නාහිර පළාත තුළ ආරම්භ කළ මෙම පරීක්ෂා කිරීම ඉදිරියේදී දිවයින පුරා පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ නිරන්තරයෙන් මෙම වැටලීම් සිදුකරන බවත් වැටලීම් ප්‍රමාණාත්මකව වැඩි කිරීමටද කටයුතු කරන බවත්ය

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ