Sri Lanka
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
23 | 2025-09-14 04:09 AM
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලැබීමට සමත් විය. අබුඩාබිහිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල පළමුපන්දුවාරයේදීම දවා ගැනීමට නුවන් තුෂාර සමත්වුණි. අනතුරුව ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර දෙවන පන්දුවාරයේදී හොසේන් එමොන් දවා ගත්තේ බංග්ලාදේශය අසරණ කරමින්ය. කමිල් මිෂාරගේ සුපිරි පන්දුරැකීම හමුවේ තවත් එක් කඩුල්ලක් බිඳ වැටුණු අතර වනිඳු හසරංග ලිටන් දාස් සහ මෙහෙදි හසන්ගේ කඩුලු දවාගනිමින් බංග්ලදේශය අසීරු අඩියකට ඇද දැමුවේය. බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 5 ලකුණු 53ක් තුළ බිඳ වැටුණද ජේකර් අලි සහ සමීම් හොසේන් බංග්ලාදේශ ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය. ඒ අනුව බංග්ලදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කිරීමට සමත්වුණි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 140ක ඉලක්කයක් හිමිවූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් ලබා රැස්කරමින් සිය ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගනු ලැබීය. එහිදී විශිෂ්ට පිති හරඹයක නිරවූ පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය. එම ඉනිමත් සමග ඔහු ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 2,000 කඩඉමට පැමිණීමට හැකිවිය. ඒ සමග ඔහු ජාත්‍යන්තර විස්සයි20 පිටයේ එම කඩඉමට ළඟවූ තෙවන ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක හැකිවිය. කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී විස්සයි20 තරගයකදී මුණගැසුණු තෙවන අවස්ථාව ද මෙය විය. පෙර පැවැති තරග දෙක සාජා හා ඩුබායි හිදී පැවති අතර, එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත. ඒ අනුව ඔවුනොවුන් අබුඩාබි හිදී විස්සයි20 ක්‍රිකට් තරගයකදී මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව ද මෙය වන අතර එම තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග 'B' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ