Sri Lanka
රාගම නගරය ගැන ආණ්ඩුවේ අලුත්ම සැලැස්ම බිමල් කියයි
21 | 2026-01-23 12:17 PM
රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලැසුම් කර ඇති බව ප්‍රවාහන, මහා මාර්ගය සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. එම නගරයේ ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු අද (23) මේ බව ප්‍රකාශ කළේය. රාගම නගරය සෞඛ්‍ය නගරයක් සහ අධ්‍යාපන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. "ජාඇල නගර සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන තිබෙන රාගම සෞඛ්‍ය නගරයේ සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම සඳහා අනවසර ඉදිකිරීම් බාධාවක් වෙලා තියෙනවා. හය දෙනෙක් වගේ තමයි මේක අල්ලගෙන ඉන්නේ. නිලධාරින් ගියාමත් පරීක්ෂා කරන්න ඉඩදීලා නැහැ කියලා තමයි සාකච්ඡා කළාම දැනගත්තේ. පරණ දේශපාලන හයියවල් අරගෙන කටයුතු කරන බවකුත් පේන්න තියෙනවා. රාගම නගර සංවර්ධනයට මේක බාධාවක්. ඒ්ක නිසා ‌මේ ඉවත් කිරීමේ කටයුත්ත සිදු කරනවා. රාගම නගරය එක පැත්තකින් සෞඛ්‍ය නගරයක් විදිහට දියුණු කරන්න පුළුවන්. ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනය ලබන විශාල සිසුසිසුවියන් ප්‍රමාණයක් ඉන්නවා. කඳාන ප්‍රදේශයේ නර්සිං ස්කූල් එකක් තියෙනවා. ඒ නිසා එඩියුකේෂන් හබ් එකක් බවටත් පත්වෙනවා. රාගම කියන්නේ බහුවිධ ප්‍රවාහන සේවා ඇති ස්ථානයක්. දුම්රියපොළ තියෙනවා. බස් මගී ප්‍රවාහනය තියෙනවා. ටැක්සි සේවාවන් තියෙනවා. ඒ නිසා අපේ සැලැසුමක් තියෙනවා, රාගම නගරයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන්න."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ