Sri Lanka
Rebuilding Sri Lanka අරමුදලේ වත්කම ගැන හෙළිදරව්වක්
22 | 2026-01-23 12:19 PM
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව Rebuilding Sri Lanka අරමුදල සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාවද ඉක්මවා ගොස් ඇති බව ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම විදෙස් රටවලින් ලැබුණු මුදල් ප්‍රමාණයද මේ වන විට ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන් ආචාර්ය හර්ශණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ එසේ ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණයද මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක සීමාවද ඉක්මවා ගොස් ඇති බවය. මෙම මුදල් ආධාර ලැබුණු රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉහළ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම ප්‍රමාණය රුපියල් බිලියනය ඉක්මවා ගොස් ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. මීට අමතරව ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, කැනඩාව, අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, භූතානය, ඉතාලිය සහ කොරියාව යන රටවල්ද පිළිවෙළින් මුදල් ආධාර ලැබුණු ඉහළම රටවල් 10 බවත් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. තවද මෙම රටවල්වලට අමතරව විදෙස් රටවල් රැසක් ශ්‍රී ලංකාවට අධාර ලබා දුන් බවත් ඒ අනුව සමස්තවම විදෙස් රටවල් 47කින් ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීම සඳහා ආධාර ලබා දුන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. මේ අතර මුදලින් ලැබෙන ආධාරයන්ට අමතරව ශ්‍රී ලංකා රේගුව වෙත විශාල භාණ්ඩ ප්‍රමාණයක් ලැබී ඇතැයිද පෙන්වා දුන් ඒ මහතා පෙන්වා දුන්නේ මේ දක්වා රේගුව වෙත ලැබී ඇති භාණ්ඩවල සමස්ත වටිනාකමද රුපියල් බිලියන 2.3 සීමාවද ඉක්මවා ගොස් ඇති බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ