Sri Lanka
අනූෂ පැල්පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
24 | 2026-01-23 02:32 PM
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. අනූෂ පැල්පිට මහතා අද (23) අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිසම සඳහන් කළේය.්‍ ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ