මෙරට මත්ස්‍ය බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයේ ගැටළුු රැසක්!
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග සහ සිල්ලර වෙළදුන් බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බව පැවසුහ. ඒවා දීර්ඝ කාලීන සිට පවතින ගැටලු බවත් මෙරට මත්ස්‍ය බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයේ ප්‍රශ්න නිරාකරණය කර දෙන ලෙස ඔවුහු ඉලා සිටියහ.
අක්‍රමවත් තොග වෙළෙඳාම නිසා ප්‍රශ්න රැසක් ඇති වී ඇති බව ද ඔවුහු පැවසු හ. වෙළඳ සංකීර්ණය වෙත ළඟා වන මත්ස්‍ය ලොරි, ලියාපදිංචි තොග වෙළෙඳසැල් මඟ හැර,වෙළඳ සංකීර්ණ භූමිය තුළ දීම පිටත ගැනුම්කරුවන්ට සෘජුවම අලෙවි කිරීම හේතුවෙන් ලියාපදිංචි ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්වන බවත් වෙළඳපොළේ විධිමත් ක්‍රමවේදය බිඳ වැටෙන බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
වෙළෙඳුන් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ඇති බව ද ඔවූහු පැවසුහ.
වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු වෙළෙඳුන් සේවකයින් සහ නීත්‍යානුකූල සේවා සපයන්නන් සඳහා විධිමත් හැඳුනුම්පතක් නිකුත් කර නොමැති වීම අනවසර පුද්ගලයින්ගේ පැමිණීම සොරකම් සහ වෙනත් අක්‍රමිකතා ඉහළ යෑමට හේතු වී ඇති බව ද වෙළෙදුන් අවධාරණය කළහ.
ආරක්ෂක සහ නීතිමය ගැටලු රැසක් ඇති බවත් වෙළඳ සංකීර්ණය තුළ මූල්‍ය වෙළෙඳ ආරවුල් විසඳා ගැනීමේ දී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන බව වෙළෙඳුන් පෙන්වා දුන්හ.
ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ ගැටලු නිරාකරණය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යනු රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ පෝෂණ මට්ටමට ද සෘජු දායකත්වයක් සපයන ඉතා වැදගත් ස්ථානයක් බවත් මෙහි පවතින ගැටලු විසඳා, සෞඛ්‍යාරක්ෂිත, ක්‍රමවත් සහ සාමකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව ද ඒ මහතා කීය.
අනවසර වෙළෙඳාම නැවැත්වීමටත්, සියලුම වෙළදුන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටත්, පොලිසිය සමඟ සාකච්ඡා කර විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.
2026 වසරේ සිට මෙම වෙළඳ සංකීර්ණය නව මුහුණුවරකින් පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය කෙටි කාලීන සැලැස්මක් වහාම සකස් කරන බව ද ඒ මහතා කීය.
<div><br></div>