Sri Lanka
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
32 | 2026-01-23 04:59 PM
හදිසි මහ මැතිවරණයක් සඳහා ජපාන පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අග්‍රාමාත්‍ය සනයි තකයිචි පියවර ගෙන තිබේ. ඒ අනුව පෙබරවාරි 8 වනදා ජපාන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය. ජපානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් වු සනයි තකයිචි ධූරට පත් වී මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විශේෂත්වයකි. ඇයගේ ජනප්‍රියත්වය හරහා පාලක පක්ෂයේ බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම හදිසි මැතිවරණය කැඳවා ඇති බව ද විදෙස් විචාරකයින් පෙන්වා දී ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ