Sri Lanka
විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480ක් අත්අඩංගුවට
24 | 2026-01-23 05:03 PM
2026 වසරේ ගත වූ දින 22 තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්, ඔහු අද (23) මේ බව ප්‍රකාශ කළේ. මේ කාල සීමාව තුළ රිය අනතුරු 135ක් සිදුව ඇති බවත් ඉන් රියදුරන් පහළොස් දෙනෙකු සහ පදිකයින් පනස් දෙනෙකු මිය ගොස් ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. "විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රියදුරු වෘත්තියේ යෙදෙන සියලු දෙනා නීතියේ රැහැනට හසු කරගනු ලබනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදීම රජයේ වගකීමක්. නීතිය සියලු දෙනාටම සමාන ලෙස සලකා කටයුතු කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබෙනවා. රියදුරන් පරීක්ෂා කරන්න, වැටලීම් අඛණ්ඩව දියත් කරන්න පහසුකම් ලබා දී තිබෙනවා. 2026 වසරේ සිදුකළ වැටලීම්වලින් පසුගිය දින 22 ට විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලසීමාව තුළ මාර්ග අනතුරු 135ක් සිදුවී තිබෙන අතර දින විසිදෙකට රියදුරන් පහළොස් දෙනෙකු සහ පදිකයින් පනස් දෙනකු මිය ගොස් තිබෙනවා. මේ තත්ත්වය වහාම නතර කිරීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. එබැවින් සියලුම බස් රථ හිමියන් තමන් බඳවාගෙන සිටින සේවකයින් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක පිරිස් ද නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ